නාරි සූත්‍රය | 5% SL Charity

in Steem Sri Lanka2 years ago (edited)

අවුරුදු නිවාඩුව දිගම දිග නිවාඩුවක් වුණු නිසා කලින් ගෙන්වා ගත් කියවන්න වෙලාවක් නොතිබුණු පොත් කියවන්න වෙලාව ලැබුණා.

ඉන් එක පොතක වත ගොත ඔබත් එක්ක බෙදා ගන්න හිතුණා.මේ 2019 රජත පුස්තක සම්මාන ලැබූ "රිදුම් පිරි පිරි මැදුම්" කවි පොත ලියූ අනුරාධා නිල්මිණි කිවිඳියගේ පස් වැනි කවි පොත.
IMG_20220417_183354.jpg

IMG_20220417_183002.jpg

එය නම් කර තියෙන්නේ "නාරි සූත්‍රය (කාව්‍යාලේඛය)" ලෙස. මෙය ඇගේ කවි පොත් අතර වෙනස් පොතක්. ඇයට අනුව එය කවියේ යම් යම් ඉසව් තුළ කළ එක්තරා අත් හදා බැලීමක්.

ස්ත්‍රීවාදිනියක් ලෙස හැඳින්වෙන අනුරාධා සාමාන්‍යයෙන් ලියන්නෙ හදවත සූරන කෙටි කවි. ඒත් මෙහි එන කවි හරි දිගයි. ඒ නිසා මං මෙහි යොදන්නේ ඉන් උපුටා ගත් කොටස් පමණයි.

මේ කවිවලට ඇතුලත් කර ඇත්තේ විවිධ රටවල ස්ත්‍රී චරිත 17ක ආත්ම කථන. ලෝකය නුදුටු, නෑසූ, ඇතැම් විට නමින් පමණක්, මුහුණුවර පමණක් දන්නා ඒ ස්ත්‍රී හදවත් ගැහුණු රාව.
IMG_20220417_182946.jpg
IMG_20220417_182910.jpg

ඒවා කිවිඳිය නම් කර තියෙන්නෙ හර්ද වාචික ලෙස. ඒ චරිත පාඨකයාට හඳුන්වා දීමට කෙටි විස්තර සහිත උප ග්‍රන්ථයක් ද පොතේ අගට ඇතුළත් කර තියෙනවා.

පස් වන හර්ද වාචිකය
රාණි චින්නම්මා

නවතන්නෙ කවුද නැවතුමක් නැති
සසර බව අන්තරේ
පවතින්න පුළුවන් ද අම්මෙකුට
නැතිව දිවි මන්තරේ
තව ඉන්නෙ ණයට ගත් හුස්මකිනි
වේදනා නිම් තෙරේ
නවතින්න !
දුටුවා ද මැරෙන ඉපැදෙන ජීව යන්තරේ

වට්ටුවාගල් වෙරළ, පුදුමාතලන්
කළපු පාරේ
බොහෝ කලකට පසුව හඳ දුටිමි
කඳුළු ගං තීරේ
ඇට මිදුළු ඉරා දැවි දැවි උපන්
පැතුම සංසාරේ
හඳුනන්නෙ මවකි, දිනෙකට
දහ දොළොස් වාරේ

(සටහන ; ඒ තමිලිනීගෙ අම්මා.)

හත්වන හර්ද වාචිකය
ශ්‍රීමතී චිත්‍රාංගනී ප්‍රනාන්දු විජේවීර

මොරටුව, තංගල්ල, බෙරගල, නුවරඑළී
තේ වතු උලපනේ, හල්දුම්මුල්ල දිය ඇලී
දිගු කෙහෙ කැරලි මුඩු කර නොගා කෙඳිරිලී
දලු මල් දර දරා පැතුවෙ පොඩි තරු එළී

නම, ගම, වාසගම, උප්පැන්න පෙළපත
අමතක කර දමා වෙනස් වන දිවි පෙත
ගමනකි නදිය මැද, ඔරු බඳකි පිරිපත
මම සතුටින් ද ! නොඅසනු මැනවි හිතවත

නව වන හර්ද වාචිකය
මදිවදිනී එරම්බු

මඩතුවෙලි ගමේ දෙවියන් නිතර පැමිණි
එක ගෙයකී
අඩ සියක් කල් 'මාස්ටර් එරම්බු ය'
පුරුදු නමකී
ඉඩ තිබුණ වෙලාවට පොඩි උන්ට
පන්තියකි, දෙකකී
මඩ කඩිති පැන උදේ ඉස්කෝලෙ ගිය
පියෙකි දුවෙකී

හරි-වැරදි ගළපන්නෙ කොතැනින් ද කැඩපතකි දිවිය
මැරි මැරී ගෙවුණු දින ගණින්නට
අම්මෙකුට බැරිය
පෙරි පෙරී එන කඳුළු සිව් දිගින්
සාගරය සරිය
බැරි හිනාවෙන්න ඔව් ! මං
'නරක' මිනිහෙකුගෙ බිරිය

දහවන හර්ද වාචිකය
ප්‍රේමවතී මනම්පේරි

පනහකට පස්සෙත්
කියන්නට කැමති නෑ මම
නැවත නැවතත්
ඔව්, මේ එකම කතාව

ඒත් සමහරවිට
පුදුමත් හිතෙයි ඇහුවම
කොහොම ද මරන්නෙ කෙල්ලෙක්ව
එහෙම එකම රැයක වරින් වර
දහ දොළොස් වතාව

ඒත් මතක තියා ගන්න
ඉතිහාසය ලියන්නට සිද්ධ වෙයි
අනාගතයෙදි වුණත් මෙහෙම
විසි තිස් වතාව

දහ තුන් වන හර්ද වාචිකය
තංගම්මා

ඉස්පිලි හොයපු ජීවිත නෙමෙයි පැතුවේ
හැප්පිලි, රැවිලි බෑ, බයබාදු මතු වේ
දුක්, කිලි කුණු රෙදිය, සදාකල් එතුවේ
සක්කිලි ගෑනු උරුමය රැකිය යුතු වේ

දිනක් අළුයමේ අහවර ව කාරිය
කෙනෙක් දොර ලඟය, උස් හඬිනි ගෝරිය
නිමක් නැති වචන, සට - පටස් නාරිය
"තංගො ඒ තමයි සුද්දගේ පෙර බාරිය"

ඉතින් අහවරයි මහතුන්ගෙ කාරිය
හිතින් මකා යනු මේ අරුම නාරිය
මතින් මිදුණු පසු ලැබ පෙර සිහිය වීරිය
හිසින් වඩම්මනු, ඒ කුණු කිලිටි සාරිය..!

( සටහන : ඒ මෙරට දී පැබ්ලෝ නෙරූඩාගේ වැසිකිලි බාල්දි ඉවත් කළ කාන්තාව. මෑතක දී සිනමාවට නැඟුණු සත්‍ය කතාව)

Sort:  

අනුරාධා නිල්මිණී ගැන ලොකු විස්තරය්ක් දන්නෙ නැති වුණාට මං එයාගෙ ලොකූ රසිකාවියක්. මේක කියවන් ඕනෙ.❤

😍😍😍😍😍

Rasa windinna watina pothak wage. E kavi therum ganna lesei samahara poth wala ewata wada...

කවි දිග නිසා කියවන එක ටිකක් වෙහෙසයි. ඇතැම් කවි රහයි.

Coin Marketplace

STEEM 0.24
TRX 0.12
JST 0.029
BTC 67240.29
ETH 3510.15
USDT 1.00
SBD 3.18