තෙල් පෝලිම ⛽

in Steem Sri Lanka3 years ago

මේ දවස් වල මිනිස්සුන්ගේ දෛනික ජීවන රටාවේ එක කොටසක් තමා පෝලිම් වල ඉන්නවා කියන එක. ඉතිං කොහොම හරි මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ට දවස ගෙවන්න වෙන විවිධ පෝලිම් වර්ග කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, බෙහෙත් පෝලිම්, සතොස පෝලිම්, බස් පොලිම් වගේ විවිධ පෝලිම් වල දවස ගත කරන්න ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාව උදාවෙලා තියෙනවා.

IMG_20220419_103648~2.jpg

ඉස්සර වගේ මේ පාර අලුත් අවුරුද්දට කොහෙවත් ගියේ නැති බස් පෝලිම් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි තිබුනේ නෑ. ඒ උනාට අවුරුදු පහුවෙලා ටික දවසක් යනකොට බයික් එකේ තෙල් ඉවර වෙලා තෙල් ගහන්න යන්න වුනා. පොලිම හෙට අඩුවෙයිනේ කියලා හිත හිතා හිටියා යන්න කම්මැලිකමට. කම්මැලිකමට හොද වැඩේ කියන්න අඩුවට තිබ්බ Ceypetco ඉන්ධන මිලත් පහුවෙනිදා වැඩි කලා.

දැං ඉති කරන්න දෙයක් නැනේ කියලා හොඳට කාලා එහෙම ගියා ලැස්ති පිට තෙල් ගහගෙන එන්න. ඇයි ඉතින් කොයිවෙලාවට එන්න පුලුවන් වෙයිද දන්නේ නැනේ. මම යනකොටත් පොලිම් දෙකකට ගොඩාක් දිගට තිබුනා පෝලිම. බැංකුවට ගිහිල්ලා සල්ලි අරගෙන එන ටිකට ඒ පොලිම තවත් දික්වෙලා. කොහොම හරි ඉතිං පැයක් විතර අව්වේ ඉදලා තමයි තෙල් ටික ගහගත්තේ.

IMG_20220419_112702~2.jpg

තවත් දෙයක් දැන් ඇත්තටම වාහනෙක තෙල් ෆුල් උනාම, පෝලිමේ ඉදලා ගැස් එක ගත්තාම නිකන් අමුතු ජයක් ලැබුවා වගේ මහ කුරිරු සතුටක් එනවා. ඇත්තටම හරියට හිතලා බැලුවොත් අපිට එහෙම හිතෙනවා කියන්නේ අපි මොනතරම් නම් රටක් විදිහට පහලට වැටිලද කියලා හිතෙනවා. පාලකයන්ගේ අදූරදර්ශි ක්‍රියා නිසා මිනිස්සු කොයි තරම් දුක්විදිනවද මේ වෙනකොට.

එදා දවසේ ඉන්ධන මිල වැඩි කරපු හින්දා දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මිනිස්සු පාරවල් හරස් කරලා බස් ධාවනයත් නවත්තලා විරෝධතා කරන්න පටන් ගත්තා. එම විරෝධතා දුරදිග ගිහිල්ලා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයෝ දෙන්නෙක්ම පොලිස් වෙඩි පහරින් මැරුනා. තව පුද්ගලයෝ කිහිප දෙනෙක්ම තුවාලත් වුනා.

රෑට නිව්ස් බලනකොට මිනිස්සු ගහ මරාගන්න දේවල්, විරෝධතා, අරගල මේ හැමදේම දකින ලොකු දුකක් වගේම කළකිරිමක් තමයි දැනෙන්නේ. අපේ පරම්පරාවේ අයගේ තරුණ කාලේ හීන හුඟක් දැන් මැරිලා. දැන් තේරිලා තියෙන එකම දේ තව කාලයක් යනකම් අපිට මේ ජිවිතෙට හුරුවෙන්න වෙනවා කියන එක.

Sort:  

Ape jewithe honda kale me wage aul wei kiyala kawadawath hithuwe na...

Ape jewithe honda kale me wage aul wei kiyala kawadawath hithuwe na...

Mekata nam duka hithuna bro...

Ow ayye 😢

Mama nam shape eke gahagaththa...polima adu welawak balala. 5mnt wagei giye...

මම නම් හැමතැනම දැක්කේ දිග පොලිම් විතරයි 😢

මේ පෝලිම් දකින කොටත් එපා වෙනවා. මිනිස්සු කොච්චර නම් දුක් විඳිනවද! 😑

අව්වේ පිච්චෙන කොට තමා දුක තේරෙන්නේ 😢

දැන් පෝලිමක් නැති තැනක් හොයාගන්න නෑ හැමඑකටම පොලිමක්😒

කොහෙත් එකයි 🤕

පෝලිම් වල ඉන්න එක දැන් ජීවිතේ කොටසක් වෙලා.😥

තවත් සහන ඉදිරියට 🥴

Coin Marketplace

STEEM 0.13
TRX 0.33
JST 0.034
BTC 112203.77
ETH 4318.55
SBD 0.85