හිත කීරිගැහෙන වචන

in Steem Sri Lankalast year

FB_IMG_1677416710979.jpg

ලගදි දකින්න ලැබුන දෙයක් ටිකක් තදින් හිතට වැදුණා. වතුකරයේ වේගවත්ම දෑත හිමි තේ දලු නෙලන්නියට සම්මාන හා ත්‍යාග පිරිනැමුනා. ඉතින් ඒ ගැන ලස්සනට වගේම හිතට දැනෙන්න ලියන්න ශශික සදීප් සමත් වෙලා තිබුනා.

තේ දළු කිලෝ 10ක්,විනාඩි 20න් නෙළුව
සම්මානක් එක්කම,ලක්ෂ තුනකුත් දිනුව
කඳුකරයේ වේගවත්ම දෑතක් හිමි,
ඒ අපූරු ගැහැණිය
සොයාගෙන ගියෙමි මම,
මේ අපූර්ව වික්‍රමය ගැන
ඇගෙන් විස්තර අහන්නට

පහු කරන් තේවතු යායක් එක දිගට
වාහනේ නතර විය කඳු මුදුනක් පහල
එතැන් හිඳ කෙදිරි ගාමින් වැඳගෙන දෙපයට
පැය දෙකක් පමණ මං ගෑටුවාය ඇගේ නිවසට

වත්තෙ ලයිම අවසාන කෙළවර
තමයි දැන්ගත් විලස ඇගේ ඒ නිවස
කුඩා ටකරන් තහඩු අතුරලා උඩට
බිත්තියට ලෑලි දා,ගොමයි තිබුනේ බිමට

දැලි පාට පොඩි එවුන් තිදෙනෙක්
බය වෙලා දිව්වේය ගෙට
උන් ඇඳ තිබුනේ යටට පමනකි
එයත් සාරියක් ඉරා මහපු සිලික් ජංගිය.

කුඩා උලුහව් දොරෙන් නවාගෙන කොන්ද
මිටි කළු පිරිමියෙක් සිනහා වී ආවේ
""වාඩිවෙන්න මහත්තියා"" කියාගෙනය.
ඔහු ඇගේ සැමියාය.

මම වටපිට බැලීමි.
වාඩිවෙන්න කීවට පුටුවක් පෙනන මායිමක නැත.
මා සිතූ දෙය වැටහුනාවත්ද?
ඔහු ගේ ඇතුලෙන් පැඳුරක් ගෙනවිත්
දෙකට නවා පිළිකන්නේ එලුවේය.
මා වාඩි වූ තැනට නුදුරින්
ඒ පැඳුරෙත් හිල් හතරකි.
මට නොපෙනෙන්න දෝ ඔහු එතනින් හනික වාඩිවිය.

ඇය කොහිද?
මා ඔහුගෙන් විමසීමි.
""කුසලානෙ ගෙයි ඇතුලින් තියා අනිත් පැත්තට හැරී ටවුමෙ කඩේට දිව්වා මහත්තයෝ.""
ඔහු කීවේ දිළිසෙන ඇස් වලිනි.

""අම්මා අපිට අද චිකන් ගේනවා කිව්වා,
ගෙනල්ලා බුරියානි හදනවා කිව්වා""

තැනින් තැන කළු පැහැවුනු රොටී කැබැල්ලක්
යකඩයක් සේ හප හපා,,
ඒ මැදින් පැන උත්තර දුන්නේ ඇගේ ලොකු පුතාය.
හේ පෙනුමෙන් වයස අවුරුදු 10ක පමන ඇට්ටරයෙකි.

අපිට අද හරි සතුටුයි මහත්තයෝ.
මාත් කුලී වැඩනෙ කරන්නේ.
තාම වත්තෙ වැඩ කරන උන්ට
දවසට 1000 පඩියවත් ස්ථීර උනේ නෑනේ.
ඉතින් පොඩි පොඩි ප්‍රශ්ණ.දන්නැත්ද?
හම්බවුනු සල්ලි වලින් පොලී සල්ලි ඔක්කොම ගෙව්වා.
ඔය එයා ආපු ගමන්ම ගියේ කඩේ බිල ගෙවලා දාන්නත් එක්ක.දැන් ළඟ එනවා ඇති.

ගතවුනේ සුළු මොහොතකි.
හිස මත විශාල බෑගයක් තබාගෙන ඈතින් සිනාවෙවී
එන ඇයගේ රූපය අපේ දෙනෙත් අබියස මැවුනි.

කොන්දට අතතබාගෙන හති දම දමා මා නැග ආ කන්ද,,ඇය කිසිම අපහසුවකින් තොරව තරණය කලේ කෙසේද?
මට පැනයකි.

ගෙන ආ බෑගය බිම තබා මා දෙස බලත්ම,
""මහන්සි නැතිදැයි"" මා ඇගෙන් විමසුවේ එබැවිනි.

""අනේ නෑ මහත්තයෝ.අපිට මේවා හොඳට පුරුදුයි.මං ඉපදුනෙත් මේ වත්තෙමෙනෙ""
කියා ඈ සිනාවී,
වතුර ජොග්ගුවක් බීගෙන බීගෙන ගියාය.

ඇගේ පිළිතුර නිවැරදිය.
එහෙත් මං ඇසූ ප්‍රශ්නය වැරදිය.

ඉන්පසු,,
මා ඈ සමඟ බොහෝ දොඩමළු වීමි.
ඇගේ වික්‍රමය ගැන බොහෝ තොරතුරු දැනගතිමි.
අවසානයේ,
අවසාන පැනය මං ඇගෙන් ඇසීමි.

""ඉතිං,
දැන් හෙට ඉඳන් මොනවද කරන්නේ.
මොනවද අනාගත බලාපොරොත්තු???""

ඇයට පිළිතුරු දීමට ගියේ තත්පරයකි.

""හෙට ආයෙමත් දළු කඩන්න යනවා.
ඊළඟ අවුරුද්දෙත් සම්මානෙ ගන්න ආසයි""

ඔව්,,නැවතත්
ඇයගේ පිළිතුර නිවැරදිය.
නමුත් මා ඇසූ පැනය වැරදිය.

තේ දළු වලටම රේඛා මැකී ගොස් ඇති
ඇගේ දෑත දෙස බලා
මා ආපසු එන්නට හැරී නැවතත් ඒ මිදුල දෙස බැලිමි.

ඈ පොඩි වුන් තුන්දෙනාට චොක්ලට් තුනක් අතට දී
එය කන ආකාරය ගැන පැහැදිලි කරමින් සිටියාය.

ඒ මිනිසුන්ගේ ජීවිතයේ ඇත්ත කතාව මේකෙන් හරි ලස්සනට කියවෙනව.

Sort:  

ඒ සම්මානෙ හරියට පුංචි බබෙක්ට ටොෆියක් දීලා රවට්ටනවා වගෙ වැඩක්.💔

ඇත්ත , අපි හැමොටම වෙලා තියෙන්නෙත් ඕකම තමයි 😐

He has captured the bitter truth behind that award in his words.

Agreed 🙂

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 57768.72
ETH 2943.36
USDT 1.00
SBD 3.66