පෝලිම් සහ ලංකාව
හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට මේ දවස්වල ගොඩක් සමීප මාතෘකාවක් ගැන. මිනිස්සු පාරට බැහැල අරගල පටන් ගන්න ප්‍රදාන හේතුවක් තමයි මේ තියෙන පෝලිම්. මිනිස්සුන්ට කලින් තමන්ගෙ අව්ශ්යතා සපුරගන්න පෝලිම්වල ඉන්නඕන උනේ හරි අඩුවෙන් . එහෙම හිටියත් හිටියෙ බැංකුවක , නැත්නම් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ හා සම්බන්ද වැඩ වලට වගේ , නමුත් වර්තමාන තත්වය ඊට හාත්පසින්ම වෙනස්. මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා සෑහෙන්න ප්‍රමණයක් සපුරාගැනීමට පෝලිම් වලට වෙලා තමන්ගෙ කාලය කැප කරන්න සිදුවෙලා තියෙනව.
ගෑස් ,පෙට්‍රල් , කිරිපිටි , පොහොර වගේම සතොසෙන් අවශ්‍ය බඩු ගන්නත් දිගු පෝලිම්වලට වෙලා ඉන්න සිද්ද වෙලා තියෙනව. ඒ තත්වෙකට රට පත්වෙලා තියෙන එක ගැනනම් ඇත්තටම හිතෙට තියෙන්නෙ ලොකු දුකක් සහ කලකිරීමක් . සෙඩ් එකකට පෙට්‍රල් එන්නත් කලින් ඉදල මිනිස්සු පනහ සීය පෝලිම් වෙලා බලාගෙන ඉන්නව. පෙට්‍රල් ආවට පස්සෙ ඒක දෙගුණ තෙගුණ වෙනව. ඉතින් මිනිස්සු අව්වෙ කරවෙවී වැස්සෙ තෙමිතෙමී තමන්ගෙ අවස්තාව එනකන් බලාගෙන ඉන්නව. අපේ ගෙදර ගාව තියෙන සෙඩ් එකේ පෙට්‍රල් ඇවිත් වරුවක් යද්දි තෙල් ඉවරවෙනව .ඒ තරමට පෝලිම 🙂. ඉතින් ආපු ගමන් වටෙන්ම මිනිස්සු ඇවිත් බයික් , ත්‍රීවීල් වගේම අනිත් වාහන ෆුල් ටෑන්ක් කරගන්නව. ඊයෙ හවස පහයි තිහට විතර තෙල් ගහන්න පෝලිමට ගියපු මං බයික් එකට තෙල් ගහන් ගෙදර එද්දි අට විතර වෙලා.
රු.දාහක තෙල් ගහද්දි ලීටර් 3ක් වත් වදින්නෙ නෑ . ඉතින් බයික් එකේම වැඩට ගියපු මිනිස්සු කොච්චර අමාරුවෙන් මේ දවස් ගෙවනව ඇද්ද? කලින් රුපියල් දෙතුන් දාහට ෆුල් ටෑන්ක් කරගත්තු බයික් වලට දැන් ෆුල් ටෑන්ක් කරන්න පන්දාහකුත් මදි 😐
ගෑස් වලින්ම විතරක් උයාගත්ත මිනිස්සු ගෑස් නැතුව කොච්චර අසරණ වෙලා ඇද්ද , කෑම කඩ කරන මිනිස්සුන්ට ගෑස් අත්‍යවශ්‍ය දෙයක් ඒත් සල්ලි තිබිලත් ගන්න විදියක් නැතුව පෝලිම් වල දවසම ඉදලත් ගෑස් ආවෙ නැති උනාම ඒ මිනිස්සුන්ට කොහොම හැඟීමක් ඇතිවෙනව ඇද්ද ? ඒත් අවාසනාවට මේ අදම පාලකයොන්ට මේ හැගීම කවද ඇතිවෙයිද කියන එක තමයි ඒ අතරින් තියෙන ලොකුම ප්රශ්නය ??
මේ ඉන්න පාලකයෝ ඔක්කොම ගෙනල්ලා පෝලිමක තියලා පෙන්නන්න ඕන😡😡
ඔව් මිනිස්සු විදින දුක තේරෙන්න 😒