කන්කුන් පාත්තිය | 5% to SL Charity

in Steem Sri Lanka3 years ago

අපේ ගෙදර පොඩි කාලයක ඉදන් අපි කරන වගාව ගැන විස්තර මන් ඔයාලා එක්ක බෙදාගත්තානේ. මේ කියන්න යන්නෙ මන් කන්කුන් පාත්තියක් හදාගනිපු විදිය ගැන.

20220410_130735.jpg

අපිට ඉස්සර නම් කන්කුන් වලින් අඩුවක් තිබුනේ නෑ. අපේ ලොකු අම්මාලහ කන්කුන් යායක්ම තිබුනා. අනික කන්කුන් කියන්නේ එච්චර හැමදාම කන්න හිතෙන කෑමක් නෙවේනේ. දිය රහ දෙයක්නේ නිකන් කද්දී එහෙම. ඒත් මන් දැකලා තියෙනවා කඩවල් වල ලොකු ලොකු මිටි බැදලා තියෙනවා. පාරවල් අයිනෙ මිටි බැදන් නැන්දලා විකුනනවා. මිනිස්සුත් සෑහෙන්න ඒවාගෙන් ගන්නවා. මන් ඔය හැමදේටම වඩා පුදුම උනේ අපේ ගෙදරටත් කඩෙන් කන්කුන් මිටියක් ගෙනල්ල තියෙනවා දැක්කාම. මන් අම්මාගෙන් ඇහුවා අපි කඩෙන් කන්කුන් සල්ලි දීලා අරන් කනවාද කියලා. මොකද ඒක කඩෙන් අරන් කන්න තරම් රස කෑමක් වත් ගෙදර වවාගන්න බැරි දෙයක් වත් නෙවේනේ.

මන් අපිව මාසෙකට වගේ කලින් කැම්පස් එකට කැදවන්න කලින් කන්කුන් පාත්තියක් දැම්මා. ඒක පාත්තියක් කිව්වට පාත්තියකුත් නෙවෙය්. අපේ අම්මාට කොල වර්ග කන්න කියලා තිබුනා. මාත් කොල වර්ග කන්න කැමතී. විශෙශෙන්ම කොල ගොඩක් බත් එකට දාගත්තාම බත් අඩුවෙන් දාගෙන කෑවත් බඩ පිරෙනවා. ඉතින් බර අඩු කරගන්න කැමත්තෙන් ඉන්න කෙනෙක්ට හොද දෙයක් කොල වර්ග කන එක. ඉතින් මන් පලා පාතිති හදන්න ලොකු උනන්දුවකින් හිටියේ ඒ දවස් වල. මට ඕන උනා කන්කුන් පාත්තියකුත් දාන්න.

ඉතින් මට ඕන උනා කන්කුන් දඩු කීපයක්. මන් ගේ වටේ රවුමක් යද්දී මට හොයාගන්න පුලුවන් උනා කලින්ම හදපු පාත්තියකින් ඉතුරු උන කන්කුන් ගස් දෙකක් වගේ. ඊලගට ඕන උනේ පාත්තියට තැනක්. පලා පාත්තියක් දාද්දි මන් නම් කැමති පොලවෙන් උඩින් තියෙන තැනක් තෝරගන්න. ඒකට හේතුව වැස්ස කාලෙට පොලව හේදීගෙන එන වතුර නැත්තන් ඒක උඩින් යන්නේ. ඒ වගේම පොලව මට්ටමේ තියෙද්දී සත්තුන්ගෙන් උනත් හානිය වැඩී. ඉතින් ඒ වගේ තැනක් හදනවාට වඩා ලේසියෙන් මට හම්බුනා කලින්ම හදලා තියපු එකක්. ඒතමය් ගෝවා තවාන් දාපු තැන. කලින් ගෝවා පැල ගලවලා අයින් කර නිසා ඒක හිස්ව තිබුනේ. ඉතින් මන් ඒක තෝරගත්තා මගේ වැඩේට. මන් අර හොයාගනිපු කන්කුන් ගස් දෙක පොඩි කෑලි වලට කඩලා ඒකෙ හිටවලා වතුර දාලා එහෙම තිබ්බා.

ඊට පස්සේ තමය් කැම්පස් යන්න උනේ. ඒ කාලෙදි එච්චර මේවා ගැන බලන්න උනේ නෑනේ. අවුරුදු නිවාඩුවට ගෙදර ආවම බලද්දි කන්කුන් දිගට වැවිලා අර හිටවපු කෑලි ටික. වටේ ගස් වලත් පොඩ්ඩක් එතිලා. ඒඑ වගේම පාත්තියේ වල් පැලෑටි වැවිලා.

20220410_125152.jpg

ඉතින් මන් තීරනේ කරා ඒක නවිකරනය කරන්න. ඒකට මට පොඩි වෙලාවය් ගියේ. මුලින්ම පාතතියෙ තියෙන අනවශ්‍ය පැල ගැලෙව්වා.

20220410_125653.jpg

තනකොල පැල එහෙම. පස්සේ කන්කුන් දිගට වැවුන ටිකත් කඩලා ගත්තා. එතන තිබුන ගස් ගා අපෙහා එක වේල්වකට කන්න හොදටම මදී, ඉතින් මන් කරේ අර දිගට වැවුන ටිකත් කඩලා ආයෙම හිටවපු එක. එතකොට දැන් දික් උනාම නම් එක වේලකට ප්‍රමානවත් තරම් තියේවි. ඒ මදි උනොත් තව දඩු කිහිපයක් හිටවනවා.

කන්කුන් කියන්නෙ හරි ලේසියෙන් වැවෙන දෙයක්. පොහොර මුකුත් ඕන නෑ. ඒ වගේ දේවල් ගෙදරම වවාගන්න එකය් හොද. කඩේ සමහර ඒවා බෙහෙත් ගහපුවා තියෙන්නේ. මේවා ඉබෙත් වැවෙනවා සමහර තැන් වල. ඉතින් ඔයාලත් කන්කුන් විතරක් නෙවේ ගෙදර ලේසියෙන් වැවෙන දේවල් වවගන්න. හිතේ සතුට ආර්තික ලාබයක් වගේම නිරෝගී කමත් වැඩිවේවී.

Sort:  

Devilled karapu kankun kanna thamai mn asa.😁😂

ehema rahai thamai

මාත් කොල වර්ග කන්න කැමතී.

කොල වර්ග වලට කැමති ළමයෙක් දැක්කමයි😁

හැබැයි මං කංකුං වලට ආසයි.

mn gotukola ehema hadamadama dunnath kanwa

ane mnda mage nm kamathima kamak.😁

gedarama wawagaththa nm nithara kanna puluwan

කංකු තෙල් දාලා මරු 😋

gammac thamai

kankun wawaganna godak lesi thama, ewa ekmanin hadenawa.

oo. wadiya karadara wenna oneth na

ස්තුතියි, මටත් හිටවන්න හිතුනා.😁😍

hitawanna. hari lesiyen wawenawa. wisheshen me wahi kale

Coin Marketplace

STEEM 0.13
TRX 0.34
JST 0.034
BTC 113026.90
ETH 4371.56
SBD 0.86