විදුලිය නැතුව පැය 55ක්

in Steem Sri Lanka3 years ago

ඇත්ත! මේ කියන්න යන්නෙ අපි විදුලිය නැතුව පැය 55ක් ගත කල විදිය.

සිකුරාදා උදේ 11.20ට සුපුරුදු පරිදි කාල සටහනේ විදියටම විදුලි කප්පාදුව සිදු උනා. නැවත විදුලිය ලැබීමට නියමිතව තිබුනෙ දහවල් 2.40ට. 2.30ට ඔෆිස් එකේ මීටින් එකක් නිසා ජංගම දුරකථනයෙන් සම්බන්ද වෙන්න උත්සහ කලත් කාලගුනයයි, දුරකථන කුලුනු විදුලිය නැතිවූ විට අක්‍රිය වීම වැනි ප්‍රශ්න නිසා, මීටින් එකෙ එක දිගට රැඳී සිටින්න ලැබුනෙ නැහැ.

වෙනදා නියමිත වෙලාවට ලැබෙන විදුලිය 2.45ටත් නැහැ, 2.50ටත් නැහැ. 3.00ටත් නැහැ. මේ විදියට කාලය ගත වෙද්දී, විදුලි බිඳ වැටීමක් ගැන අපි සැක කරන්න පෙලඹුනා. 3.30, 4.00 වෙද්දිත් නැති නිසා දුරකථන ඇමතුමක් ලබාදී පැමිණිල්ලක් යොමු කරා.

image.png

රාත්‍රියේදි නැවත විදුලිය නොලැබුනත් ඊලඟ දින ලැබේවි යන බලාපොරොත්තුවෙන් නින්දට ගියා.

උදේ නැගිටිනකොට කොහොඹ ගහ හුලඟට කඩා වැටිලා. විදුලිය නොතිබුනත්, කොහොඹ ගහ නිසා සිදුවූ දෙයින්, අපිට ඇති පමණ වැඩ රාජකාරි ලැබුනා. දවල් වන විට ඇතිවූ ගැටලුව තමයි වතුර ප්‍රමාණවත් වේවිද යන සැකය. මේ නිසා ලිඳ බාවිතා කරන්න අපි තීරණය කලා. එය පහසු කටයුත්තක් නොවේ. නමුත් වැස්සේ ආශිර්වාදය නිසා, වතුර මට්ටම ඉහලට ඒම අපට පහසුවක් උනා.

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුතු කරන වාහනය පැමිණිලා ගිහින් පැය ගනනකට පසු විදුලිය ලැබුනත්, තවත් පැය බාගයකින් නැවත විසන්දි උනා.

නැවතත් අපි අඳුරට පත් උනා. නැවතත් පැමිණිලි කලත්, පැමිණිල්ල ඒ වන විටත් ලැබුන බව ඔවුන් සඳහන් කලා.

ජංගම දුරකථන ඕෆ් වෙන්න සහ බාහිර ලෝකය සමග සබදතා බිඳ වැටෙන තත්වයට පත්වී හමාරයි.

විදුලිය නැතිව සියල්ල කිරීමට සිදුවී තිබේ. වෙසක් පෝය නිසා, අම්මා සිල් සමාදන් වීමට ගිය නිසාත් ගෙදර වැඩ බොහොමයක් අපිට ඉතිරි වී තිබුනා. තුන් දෙනාම එකතු වෙලා මේ හැමදේම කලත් අන්තිමට තුන් දෙනාටම මහන්සි.

වෙනදා වගේ නා ගන්න ෂවර් එකෙන් වතුර බාවිත කරන්න බැහැ. ආච්චිවත් නාවන්න උවමනා වතුර බාල්දි වලින් උඩ ගෙදරට අරන් ගියේ නැන්දා එක්ක.

ලිඳෙන් වතුර ඇද ගන්න එක අමාරු වැඩක් උනත්, සීතල නිල් පාට වතුරෙන් දැනුන සනීපයනම් අසීමිතයි.

අන්තිමේදී අද හවස, හරියටම පැය 55කට පසු නැවත විදුලිය ලැබුනා. සිදු වෙලා තිබෙන්නෙ, අධිබලැති විදුලි රැහැන් වලට හානි සිදුවීමක්. කලින් දිනයේ පිලිසකර කලත්, නැවතත් ඒ මතට ගසක් වැටීම නිසායි මේ තරම් වේලාවක ප්‍රමාදය.

කෙසේ නමුත්, පැය 55 නිසා කලින් කියවා මග නැවතූ පොතකුත්, තවත් පොත් දෙකක් සම්පූර්නයෙන්ම කියවන්නත් මට අවස්ථාව ලැබුනා.

පොත් ගැන තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Sort:  

බාහිර ලෝකෙ කියුවෙ මන් නේත😪

Oyata sanniwedanaya kara nh. Baahira loke qwe anit aya

Hi, @rasinkani,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

විදුලිය කෙතෙක් දුරට අපේ ජිවිත වලට බලපෑම් කරනවද කියල දැන ගන්න විදුලිය නැති වෙන්නම ඕන. ඔය ටිකම තමයි අපේ රටට වෙන්න යන්නේ. හිතා ගන්න තත්වය.

Eka atta.

අම්මට සිරි.. සෙල්ලම් පටු සිද්දියක්‌ නෙවෙයි වෙලා තින්නේ..

Eka tama 🤕

ammo apeth cable ekak kedila light giya sikurada 1.30 ta wage. habai 5.00 wage weddi awith current dunna. kohoma unath current na kiyanne nam oya kiynwa wage marama pidanayak.

කලින් දිනයේ පිලිසකර කලත්, නැවතත් ඒ මතට ගසක් වැටීම නිසායි මේ තරම් වේලාවක ප්‍රමාදය.

appa

Ow honda kattak kewa

hammo epa wenna athi. oyalawa kon karala demma wage wadakne une

Ow. Hebei itin poth tika kiyawanna welawa labuna eken 😁

ඉදිරියේදී ඇතිවන අර්බුදයට පොඩි practice එකක්.🙊😬

Job eka lept wei me yana widiyata 😣

අක්කටත් මැසේජ් දාල බැලුව අතුරුදහන් වෙලාද කියල 😂

අක්කත් අතුරුදහන් නෙ 🤣🤣

Coin Marketplace

STEEM 0.13
TRX 0.31
JST 0.033
BTC 110183.83
ETH 4278.07
USDT 1.00
SBD 0.83