පාලකයින් පමණක් වෙනස් වුනාම ඇද්ද

in Steem Sri Lanka2 years ago

IMG_20220711_181207_157.jpg

සුභ දවසක් හැමෝටම , පුරුද්දට සුභ කිව්වට දන්නව ගොඩක් මිනිස්සු දැන් ජීවත්වෙන්නෙ මැරෙන්න බැරිකමට කියල. දවස් ගනන් පෝලිම්වල කට්ට කාල , දවසෙ වැඩක් කරල හම්බකරගන්න සල්ලි තෙල් වලට පුදල මහ රෑ දෙකට තුනට ගෙවල් වලට ඇවිල්ල ආයිත් පාන්දරින් වැඩට යනව. මොන ජීවතද කියල හිතෙනව. අමනයො පිරිසක් රටට කිසිම වගතුවක් නොකර හොදට සතුටින් ජීවත්වෙද්දි අහින්සක මිනිස්සු උන්ගෙ බඩ කට පුරවන්න සෑහෙන්න විදවනව. ජරා පාලකයො ගැන කියල වැඩක් නෑ උන් එකා දෙන්න පන්නල දැම්මත් ආයිත් ඒ තැනට එන්නෙත් ඒ වගේම උන් කියල දැන් සනාථ වෙලා ඉවරයි. උන් විතරක් වෙනස් කරල මේ රට ගොඩදාන්න බැරි බව ලගදි සිද්දි කීපයකින්ම හොදට තේරුනා.

මුල්ම එක රටේ ප්‍රදාන ප්‍රශ්නෙන්ම ගන්නම්. මේ දවස් වල සල්ලි ඇති නැති කියල නෑ හැමෝම පොදුවෙ සෑහෙන්න් කට්ටක් කනව තමන්ගෙ වාහනේට බයික් එකට තෙල් ටිකක් ගහගන්න. තරුන ජීවිත විනෝදෙන් ගත කරන්න ඕන කාලෙ දැන් පෝලිම් වලටම ගතවෙලා යනව. මේ මිනිස්සු සෑහෙන්න දුක් විදින අතරෙ තව පිරිසක් මේකත් ව්‍යාපාරයක් කරගෙන් ඉවරයි. පුලුවන් තරම් තෙල් ගොඩගහන් වැඩිමිලට විකුනන්න. පෙට්‍රල් ලීටරය රු.1500 ට විකුනපු තැනුත් මේ පැත්තෙ තිබුන. ඒත් මිනිස්සු කොච්චර අසරණද කියනවනම් එහෙම හරි ගන්න තත්වෙට වැටිල ඉවරයි. හදිස්සියක් උනොත් දරුවෙක්ට අසනිපයක් වුනොත් අරන් යන්න පෙට්‍රල් ටිකක් තියෙන එක අනිවාර්‍යයිනෙ. ඉතින් මේ වගේ අසරණ තත්වෙකදිත් අපේම උන් වෙනුවෙන් මෙහෙම වැඩ කරන අය අතරෙ මොන සිස්ටම් චේන්ජ්ද කියල හිතෙනව.

FB_IMG_1659505406873.jpg

මේකනම් මං මුහුනු පොතෙන් දැක්ක සටහනක් .මේ වගේ සිද්දිනම් මං ගොඩක් අහල තියෙනව වෙනව කියල. ඒ කොල්ල දාපු වීදියටම මං මේකෙ ලියන්නම්.
"ඊයෙ රෑ ලංකාවට මෙහෙ ඉඳන් ආපු යාලුවෙක්ගෙ අතේ iPhone 13 Pro එකක්, Apple Airpods 3 දෙකක්, Power Bank එකක් එව්වා.. ලංකාවෙ Airport එකෙන් baggage එක ගද්දි bag එකෙ lock එක කඩලා ඒ ඔක්කොම අරන්.. රුපියල් ලක්ෂ 6කට වැඩියි ඒ ටිකෙ විතරක් වටිනාකම.. තව යාලුවා ගෙදර මිනිස්සුන්ට දෙන්න ගෙනාපු Chocolates වලිනුත් භාගයක් අරන්..
ලංකාව හදන්න ගෝඨාව විතරක් එලවලා බෑ.. මෙහෙම කම්බ හොරු ඉන්න රටක් හදන්න බෑ මලාට.. 😖🤮🇱🇰
අපි ඩොලර් විතරක් එවමු! 🤩😒"

මේව කියවද්දි තරහකටත් වඩා එන්නෙ මාර කලකිරීමක්. පාලකයොනම් කොහොමත් හිතක් පපුවක් නැති උන් කියල දන්නවනෙ . ඒත් අපේම උන් මෙහෙම කරද්දි රටක් කොහොම වෙනස් කරන්නද කියල හිතෙනව. ඒ කොල්ල ඔය ටික ගත්තෙ මොකෝ බල්ලො මරලද් නෑනෙ ලොකු කට්ටක් කාල වෙන්නැතිනෙ කොච්චර වේදනාවක් ඇද්ද ඒ කොල්ලට. ඉතින් පාලකයො විතරක් වෙනස් කරල මදි අපේම අයගෙත් ආකල්ප වෙනස් වෙනකන්, අනෙත් උන්ගෙ වේදනාව තේරෙනකන් මේ රට ගොඩගන්න එක ලේසි වෙන්නෑ කියල හිතෙනව.

Sort:  

ලංකාව හදන්න ගෝඨාව විතරක් එලවලා බෑ.. මෙහෙම කම්බ හොරු ඉන්න රටක් හදන්න බෑ මලාට.. 😖🤮🇱🇰
අපි ඩොලර් විතරක් එවමු! 🤩😒"

ඇත්තනෙ ඉතින්. පොඩි හොරු ලොක්‍ය් හොරු ඉන්නකම් මේක හදන්න බෑ😐

අපේ රටේ මිනිස්සු දැන් බොරුවට පුරුදු වෙලා ඉවරයි. මේක වෙනස් කරන්න නම් අද ළදරු පාසල් වල ඉන්න අයගෙන් පටන් ගන්න ඕනෑ. ඒ ළමයි ගේ සිත් දුසිත තත්වයෙන් ගලවා ගත්තොත් අඩුම තරමේ තව අවුරුදු අටකින් දහයකින් දුසිත වලින් තොර රටක් නිර්මාණය කරන්න පුළුවන් වේවි.

ඔව් මේක දියුනු කරන්න කලින් මිනිස්සුන්ගෙ ආකල්ප හොද ඒව කරන්න ඕන 🙂

The day they change their attitudes, this country will be a better place.

Too true ❤️

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 66439.14
ETH 3005.38
USDT 1.00
SBD 3.68